සිතක ‍තෙරෙපෙන සිතුවිලි අතරින් බිඳක්

Wednesday, May 9, 2012

මගේ අදවත..........

සන්තක වු සියල්ල අහිමි වු මගේ ජිවිතයේ ඔබ පමනක් හිමි වු බව මගේ හදවත කියයි........ එය සැබෑවක්ම බව හදවතේ නහරවල් වලට දන්වන්නට මට අවශ්‍යයි........ මගේ ආත්මය සන්තකව කුමක් වේද......දුප්පත් නහරවල් සතුව කුමක් වේද....... ඔබමපමණි මේ ජිවිතයේ දුක්විද උපයාගත්තේ ඔබවපමණි..... ඔබේ ආදරය පමණි...... මගේ ළය දහ දොලොස් කඩකට වෙන්වී ගියද....... එ හැම කඩකම ඔබ හිදි ...... ජිවිතයේ හැම සතුටක දීම මම ඔබ පසු පසින් ඉදිමි........ එහෙත් එක තැනකදි පමනක් ඔබට ඉදිරියෙන් යන්නට මම ඉල්ලමි....... ඒ මරණයෙහි.......

Monday, April 23, 2012

එතෙර සිටින ‍ඔබ.............

මිනි මුතු පබ්ළු ඇති නිල්වන් සාගරයෙන් එතෙර සිටින ‍ඔබ‍ව මා සොයන්නේ මිරිගුවක් පසුපස හබායන පුංචි මුවකු සේය මා ‍මේ එලන පුංචි කදුල වුවද ඒ ඔබ නිසාමය මේ පුංචි ‍කොල්ලා එලන කදුලු වලින් ප්‍රයෝජනයක් ඇත්තේ ඔබ ආපසු මෙම පුංචි දිවයිනට පැමි‍ණෙන විට මේ පුංචි කොල්ලවම පතා ආවොත් පමණි එමනිසා මේ කදුලට අරුතක් ගෙන එනු මැනවී.................

Thursday, April 12, 2012

මිතුදම................

පිපෙන අරලිය පොකුරු පවසයි සොඳුරු දිවියක නිසලතාවය ගලන ගංගා අතර රැව්දී නිසල දිවියක සොඳුරුතාවය එදත් එලෙසය අදත් එලෙසයි ඔබට මතකද අපේ මිතුදම ලොවේ සැමදෙන වෙනස් උවත් හදේ නොමැකෙන ඔ‍බේ නාමය.

Tuesday, April 3, 2012

අසිමත ආදරය

ඔබ සමග දබර වී ඔබ ඉදිරියේ දගකාරකම් කලද මා සිත තුල ඇත්තේ ඔබටම වෙන්වුණු අසිමත ආදරයකි මිනිස් ජිවිතයක් ලබන්නට තරම් පිං කල මා හට ඔබගේ හිස් අහස් කුසට පුර හඳ වී පයා එන්නට පිං මදි නොවේ ඔබගේ සිත පිළි නොගත්තද ඔබ මටම අයිතියයි මාගේ සිත මා හට කොදුරා අහවරය. මා ඔබට පිදු ආදරය තුල වැරදිම් සිදු වුවද කිසිදිනක ඔබේ පෙම්වතා මිස සොයුර වන්නට තරම් මාගේ සිත දුබල නොවේ ඔබ මගේම වු දාට ඇස්දෙකෙන් බේරෙන කදුළු මතක්වන විට දැන් වුවද ඔබ මගේම කරගන්නට මට සි‍තෙයි

Sunday, April 1, 2012

ආදරය............

එක දවසක් ආදරය කලත් මාසයක් ආදරය කලත් අවුරුද්දක් ආදරය කලත් ආදරය ආදරයමයි ආදරය කියන්නෙ හුගාක් පවිත්‍ර දෙයක් ඒවගෙම උතුම් දෙයක් හදට ගොඩාක් සමිප වේච්ච විශ්වාස වන්ත පුද්ගලයෙක් ඒ විශ්වාසය බිඳලා දාලා ගියානම් මේ මුළු ලෝකයම අවිශ්වාස කරන්න පුරුදු වෙනවා ආදරය කරපු අයට එහෙම කරන්න පුළුවන්නම් අනිත් අයට මොනවා කරන්න බැරිද යන හැගිම් ඇති වෙනවා ඒ නිසා ආදරය කරන හැම කෙනෙකුටම කියන්නෙ අවංක එක් අයකුට ආදරය කරන්න අහිංසක සිත් වලට බොරු බලාපොරොත්තු දෙන්නඑපා වංක දහාසකට ආදරය කර සිනාසෙනවට වඩා අවංකව එක් අයකුට ආදරය කර ඇඩිම උතුම් නෙද?

Saturday, March 31, 2012

මගෙ ආදරය

"ලොවේ අන් කිසිම තැනකින් මා නොලඳ සෙනෙහස ඔබේ හද තුල මා වෙනුවෙන්ම නිරන්තරයෙන් රැඳි තිබුනි එහෙත්......... මිහිර හෙටත් ඒ සෙනෙහස මටම උරුම වේද කාටනම් කිව හැකිද එදිනට මා මැවු ලෝකය......... අනේ එයට කුමක්වේද" දිනක් මා දිහා බලා ගව්වක් පමණට සිත සොරාගෙන රෝස මල් යහානක සිහින තනි කෙරු පෙම්වතී........... මේ ලොවේ අන් අයට වඩා මම ඔබට ආදරය කළ බව හැගෙන්නෙ ඔබ ඔහු සමග සුලගිලි බැඳ යන විටය......... මා කියු එක වදනකින් මා එපා වීමට තරම් මා කළ පව කුමක්ද කියා කියනු මැන මට......... මේ ලොව ඔබ මට හැර තව කෙනෙකුට අයිති වන වග මං බලා සිටින්නෙ කෙලේසද කියනු මැන මට............ මා ඔබව මගේම කියා හාදු ගැනීමට කියන වචන ඔබ සිතුවේ වරදටයි එය මාගේ වරදක්ද........... ඔබ මා සමග සිට ඔහු ගැන කථා කරන විට මා සිතුවේ නැත මෙවන් විවසනයක් මා සිතුවෙද ඔබ හැර මට ආදරෙ කරන කෙනෙක් මේ ලොවේ නැතැයිකියා "මම ඔයාට ගොඩක් ආදරෙයි රත්තරං" කියා අමතනවිට මා සිතුවේ නැත ඔබ මට අහිමි වෙයිකියා ඉතින් ඇයි රත්තරං මේ දෑස අග කදූළු බිදු විතරක් තනි කර මාගේ ලොවින් සදහාටම ඇත්වී ගියේ....... ඔබ මාව අමතක කරත් රත්තරං......... මා ඔබව අමතක කරන්නෙ නෑ........ "මුළු හදින්ම මම ඇයට පෙම් කොට අනාගත සිහින මැව්වෙමි ඇය ........... වෙනත් කෙනෙකුට අයිති වන බව බලා දුක්වෙමි"

ජාතික සමගිය

ජාතිය,බේදය,කුලය සිතෙ රඳවා එකිනෙකා මරාගෙන මේ මව් බිමේ ‍ලේ වැගුරුණා ඒ අතීතයට පියනගන විට සිතා ගත නොහැකි දුක් දොම්නස් සිතට ගලා එනු ඇත මනුෂත්ව නාමෙයෙන් සාමයට පිය මණින්නට සිංහල,දෙමල,මුස්ලිම් යන අපි එක්ව පෙලගැසෙමු එක මවකගේ දරුවන් ලෙසින්. කටුක ගිම්හානයෙන් නැගිට වසන්තයට පියනගන මිනිසුන් හට සාමය ගෙනදෙන පරවියන් ලෙස එක්ව සිටින්නට පෙලගැසෙමු අපි මෙ කුරිරු සමාජයට එන සාම පරවියන් ලෙසින්.